මෙරට සමස්ත බටහිර ඖෂධ අවශ්‍යතාවයෙන් 40% ක් දේශීය සමාගම් විසින් නිෂ්පාදනය කිරීමට සමත්ව ඇති බව බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් අතපත්තු මහතා පවසයි. මීට වසර හතරකට පමණ පෙර මෙම ප්‍රමාණය පැවතියේ 20% ක මට්ටමකය.විදේශයන්ගෙන් අමුද්‍රව්‍ය ගෙන්වා දේශීයව ඖෂධ නිපදවීමට රජයේ පූර්ණ සහාය ලැබෙන බවත්, මේ හරහා රෝහල් පද්ධතියේ ඖෂධ හිඟය මඟහරවා ගැනීමට මෙන්ම විදේශ විනිමය රට තුළ රඳවා ගැනීමටත් හැකි වී ඇති බව ඔහු පෙන්වා දෙයි. ඒ අනුව ලබන වසර සඳහා අවශ්‍ය ඖෂධ සැපයුමද බාධාවකින් තොරව ලබා දීමට හැකියාව පවතී.දැනට දේශීය නිෂ්පාදන සමාගම් 25 ක් පමණ මෙම ක්ෂේත්රයේ නිරතව සිටින අතර ඔවුන් විසින් ඖෂධ වර්ග 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් රෝහල් පද්ධතියට සපයනු ලබයි. කෙසේ වෙතත් තවමත් මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 60% ක් පමණ ආනයනය කෙරේ.



























