පාකිස්තානය සහ ශ්රී ලංකාව අතර රාවල්පිණ්ඩි හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේදී සිය 14 වැනි ටෙස්ට් ශතකය රැස් කිරීමට ධනංජය ද සිල්වා සමත් විය. පන්දු 148කට පමණක් මුහුණ දෙමින් ගොඩනැගූ මෙම අගනා ඉනිමට හතරේ පහර 14ක් ඇතුළත් විය.ධනංජය සිය ශතකය වාර්තා කරන විට ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 69.2ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 249ක් ලබා සිටියේය. පාකිස්තානය සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 434 සපිරා ගැනීමට ශ්රී ලංකාව තවත් ලකුණු 185ක් පිටුපසින් සිටියි.එම අවස්ථාව වන විට ධනංජය ද සිල්වා සමග නොදැවී අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි නායක කුසල් මෙන්ඩිස් ලකුණු 31ක් ලබාගෙන කඩඉම අසල රැඳී සිටියේය.



























