හබීබ් මොහොමඩ් රිෆාන් මහතා අද (24) උදෑසන නව පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ජාතික ලැයිස්තු මන්ත්රීවරයකු ලෙස කටයුතු කළ එම්.එස්. අබ්දුල් වාහිද් මහතා මෑතකදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධුරය සඳහා මොහොමඩ් රිෆාන් මහතා මෙලෙස පත් කර ඇත.පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඒ මහතා සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කර තිබේ.



























