නව හෙද නිලධාරීන් 2,819ක් සෞඛ්‍ය සේවයට; තවත් 76කට උසස්වීම්

තුන් අවුරුදු උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කළ 2020 ශිෂ්‍ය හෙද කණ්ඩායමේ අභ්‍යාසලාභීන් 2,819 දෙනෙකු තෙවන ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස මෙරට සෞඛ්‍ය සේවයට එක්වීමට නියමිතය. දිවයින පුරා පිහිටි හෙද විදුහල් 15ක අධ්‍යාපන කටයුතු නිම කළ මෙම පිරිසට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම එළඹෙන නොවැම්බර් 1 වන දින අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.​මෙම නව බඳවා ගැනීම් හරහා දිවයින පුරා පිහිටි මධ්‍යම රජයේ සහ පළාත් සභා රෝහල්වල හෙද සේවාව තවදුරටත් ශක්තිමත් වන අතර, ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අවශ්‍ය මානව සම්පත් හිඟය මඟහරවා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව, රෝහල් සේවයේ නියුතු පළමු ශ්‍රේණියේ හෙද නිලධාරීන් 76 දෙනෙකු විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස උසස් කිරීමට අදාළ ලිපි ද එදින ප්‍රදානය කිරීමට නියමිතය.​මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,401

Leave A Reply

Your email address will not be published. Required fields are marked *