කෘත්රිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය වන නව අවස්ථාවලින් රටට අවශ්ය උපරිම ප්රයෝජන ලබාගන්නා අතරම, එම තාක්ෂණය වගකීම් සහගතව භාවිත කිරීමේ වැදගත්කම අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය. කොළඹ විශ්වවිද්යාලයේ පැවති 2026 ජාත්යන්තර සැසියේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් අධ්යාපනය නංවාලීම, පර්යේෂණ ශක්තිමත් කිරීම සහ රාජ්ය සේවා කාර්යක්ෂම කිරීම සඳහා AI තාක්ෂණයට විශාල හැකියාවක් පවතින බව අග්රාමාත්යවරිය පෙන්වා දුන්නාය. කෙසේ වෙතත්, සාවද්ය තොරතුරු පැතිරීම, දත්ත ආරක්ෂාව සම්බන්ධ ගැටලු සහ තාක්ෂණයට ප්රවේශ වීමේ අසමානතා වැනි අවදානම් නිසි ලෙස කළමනාකරණය කර ගැනීම අත්යවශ්ය බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.මෙම තාක්ෂණික තීරණ ගැනීමේදී මානව වටිනාකම්, වගවීම සහ මහජන යහපත මූලික කරගත යුතු බව පැවසූ ඇය, මේ සඳහා ඩිජිටල් සාක්ෂරතාව පුළුල් කරමින් විවිධ අංශ අතර සහයෝගීතාව වර්ධනය කර ගත යුතු බවද පෙන්වා දුන්නාය. මෙම අවස්ථාවට කොළඹ විශ්වවිද්යාලයේ උපකුලපතිවරයා ඇතුළු දේශීය හා විදේශීය විද්වතුන් රැසක් එක්ව සිටියහ.


























