නාමල් රාජපක්ෂ අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට ලබාදුන් නියෝගයකට අනුව මෙම කැඳවීම සිදු කෙරේ.​ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළව නීතිපති උපදෙස් මත ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු අද දිනයේ අධිකරණය හමුවේ විමසා බැලීමට නියමිතව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,334

Leave A Reply

Your email address will not be published. Required fields are marked *