ශිරන්ති රාජපක්ෂ අද අලුයම සිංගප්පූරුව බලා පිටත්ව යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් සිංගප්පූරුව වෙත පිටත්ව ගොස් තිබේ. ඇය සමඟ රෝහිත රාජපක්ෂගේ නැන්දනිය ද මෙම ගමනට එක්ව ඇතැයි වාර්තා වේ.​මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ඇයට ලබන 24 වැනි දින නියෝගයක් ලබා දී තිබියදී, මෙලෙස ඇය විදෙස්ගත වීම විශේෂත්වයක් ගනී. ඔවුන් දෙපළ අද අලුයම 1.10ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්.- 469 දරන යානයෙන් දිවයිනෙන් බැහැරව ගොස් ඇත.

What's your reaction?

Related Posts

1 of 1,334

Leave A Reply

Your email address will not be published. Required fields are marked *