නාමල් රාජපක්ෂ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළව බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 30 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබේ. අදාළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වූ නියෝගය අද (23) අධිකරණයේදී ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය ලබා දී ඇත.මෙම සැකකරුගේ ඇප අයැදුම පිළිබඳව සලකා බැලීම සඳහා මීළඟ නඩු දිනයේදී ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින විමර්ශන ඒකාබද්ධ කර නඩු පැවරීමේ හැකියාව, මෙම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට යොමු කළ හැකිද යන්න සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නඩුවේ සිව්වන සැකකරු ලෙස මොහු නම් කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය ලැබී ඇද්ද යන කරුණු තුන සම්බන්ධයෙන් ලිඛිතව කරුණු ඉදිරිපත් කළ යුතුය.

What's your reaction?

Related Posts

1 of 1,345

Leave A Reply

Your email address will not be published. Required fields are marked *