නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි ඇල්ල

අද (16) පස්වරු 6 සිට හෙට (17) පෙරවරු 6 දක්වා ඇල්ල – වැල්ලවාය මාර්ගය වසා දැමීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.

මේ වන විට මොණරාගල සහ ඇල්ල ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතින අතර අප වාර්තාකරුවන් සදහන් කළේ, කරදගොල්ල සහ රාවණා ඇල්ල අතර මාර්ගයට මෙලෙස වැඩි වශයෙන් පස් කදු සහ ගල් කඩා වැටී ඇති බවයි.

මේ අතර හපුතලේ දුම්රිය ස්ථානය ආසන්නයේ නිවාස කිහිපයකටද පස් කදු කඩා වැටී තිබෙනවා.

එමෙන්ම, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 08ක් සදහා නයායෑම් පිළිබද පෙර අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල, කලුතර, මහනුවර, කැගල්ල,කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුරයයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *