වැඩි මිලට ජල බෝතල් විකුණූ අවන්හලකට දැඩි දඩයක්

පාරිභෝගික අධිකාරිය මගින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට ජල බෝතල් අලෙවි කිරීම හේතුවෙන් කොළඹ 04, බම්බලපිටිය ප්‍රදේශයේ අවන්හලකට රුපියල් මිලියනයක දඩයක් නියම කර තිබේ.​විශේෂ ගැසට් පත්‍රය මඟින් මිලිලීටර් 500ක පානීය ජල බෝතලයක් සඳහා රුපියල් 80ක උපරිම මිලක් නියම කර තිබියදී, අදාළ අවන්හල විසින් එය රුපියල් 100ක මිලකට අලෙවි කර ඇති බව නඩුවේදී අනාවරණය විය.​කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විත්තිකාර ආයතනය විසින් චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දැඩි දඩ මුදුව නියම කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,358

Leave A Reply

Your email address will not be published. Required fields are marked *