නාවික හමුදාධිපති කාදිනල් හිමිපාණන් බැහැදකියි

නාවික හමුදාවේ නව ධුරයට පත්වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගොස් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක තිබේ. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ආගමික සංහිඳියාව වර්ධනය කිරීමට නාවික හමුදාවෙන් ඉටුකෙරෙන මෙහෙවර අගරදගුරු හිමිපාණන් විසින් මෙහිදී විශේෂයෙන් අගයනු ලැබ ඇත. නව නාවික හමුදාධිපතිවරයා ඇතුළු සමස්ත නාවික හමුදා බලකායට ඉදිරි රාජකාරී සාර්ථක කර ගැනීම සඳහා කාදිනල් හිමිපාණන් විසින් මෙහිදී ආශීර්වාද එකතු කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,282

Leave A Reply

Your email address will not be published. Required fields are marked *