නැගෙනහිරට බෙදාහැරීමට ගිය ලක්ෂ 8 ක පෙළපොත් තොගයක් අතුරුදන්

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් නැගෙනහිර පළාතේ බෙදාහැරීමේ මධ්‍යස්ථාන 12 ක් සඳහා යැවූ රුපියල් ලක්ෂ 8 කට ආසන්න වටිනාකමකින් යුත් පෙළපොත් තොගයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ 01 ශ්‍රේණියේ දෙමළ මාධ්‍ය 03 වන වාරයට අදාළ ක්‍රියාකාරකම් සහ පෙළපොත් 19,892 ක් මෙලෙස අතුරුදන්ව ඇති බව සඳහන් වේ.​මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (නිෂ්පාදන හා බෙදාහැරීමේ) එන්.ඩබ්ලිව්.ඩී. හිරෝෂි ගුණවර්ධන මහත්මිය විසින් පොලිසිය වෙත පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. ප්‍රවාහනය සඳහා ගිවිසුම්ගත වූ පෞද්ගලික ආයතනයකට අයත් ලොරි රථයකින් 2026 මැයි 04 වනදා අදාළ පොත් තොගය භාරදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.​කෙසේ වෙතත්, අදාළ පෙළපොත් තොගය නැගෙනහිර පළාතේ නියමිත මධ්‍යස්ථාන වෙත භාරදී නොමැති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නැගෙනහිර පළාත් භාර නිලධාරී ජගත් වන්නිහාරච්චි මහතා විසින් ඉකුත් 07 වනදා ප්‍රධාන කාර්යාලය වෙත දැනුම්දී ඇත. අදාළ ප්‍රවාහන ආයතනය විසින් සාපරාධී විශ්වාසය කඩකිරීමක් සිදුකර ඇති බවට මෙහිදී සැකපල කෙරේ.​ලද පැමිණිල්ලකට අනුව, තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක සිල්වා මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,284

Leave A Reply

Your email address will not be published. Required fields are marked *