නියමිත පරිදි මැතිවරණ පවත්වන බව ජනපති පවසයි

දේශපාලන විඥානයක් නොමැති පාර්ශ්වයන් ජනතාව බිය ගැන්වීම සඳහා ආණ්ඩුව මැතිවරණ කල් දමන බවට අසත්‍ය ප්‍රචාර පැතිරුවද, නියමිත කාලයට ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ තේමාව යටතේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල හා බේරුවල පැවති ජනරැලි අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය. තවද, පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල එකඟතාව මත ඡන්ද ක්‍රමයක් තීන්දු වූ වහාම මෙන්ම පවතින නීතිමය බාධා ඉවත් වූ සැණින් පළාත් සභා මැතිවරණයද පවත්වන බව ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේය.​ජනතාවට වංචා කර පාලන බලය රඳවා ගැනීමට තමන් කිසිවිටෙකත් උත්සාහ නොකරන බවත්, ආණ්ඩුව සැමවිටම විශ්වාසය තබන්නේ ජනතාව කෙරෙහි පමණක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය. ඒ නිසා රට ගොඩනැඟීමේ ඓතිහාසික ගමන සාර්ථක කර ගැනීම සඳහා ගම් මට්ටමින් ජාතික ජන බලවේගය තවත් ශක්තිමත් කරන ලෙස ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.​වරදක් සිදුවූ විට කල්ගත වී දඬුවම් ලැබීමෙන් පළක් නැති බවත් සිදුවීම මතක කාලය තුළදීම ඊට නීත්‍යානුකූල දඬුවම් ලැබිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී දැඩිව ප්‍රකාශ කළේය. ඒ වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන බියකින් තොරව ගෙන එන බවත්, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ අනුමැතිය ලැබුණු විගස එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දූෂිතයන්ට නිසි දඬුවම් ලබා දීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *