ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.මෙම නව පත්කිරීම්වලට අනුව කළුතර දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරිය කෑගල්ල දිස්ත්‍රික්කයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා යාපනය දිස්ත්‍රික්කයටත් මාරු කර යවා ඇත. එමෙන්ම, යාපනය දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා කළුතර දිස්ත්‍රික්කයේ රාජකාරි සඳහා අනුයුක්ත කර තිබේ.මීට සමගාමීව මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය සහ පොලිස් සුබසාධන කොට්ඨාශය අතර ද ප්‍රධානීන් මාරු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් සුබසාධන කොට්ඨාශයටත්, එහි සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයටත් මාරු කර යැවීමට කටයුතු කර ඇත.



























