නුවරඑළිය සහ නානුඔය ප්‍රදේශවලට ගංවතුර අවදානමක්

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක හදිසි ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ. මෙහිදී නුවරඑළිය තුරග තරග පිටිය ආසන්නයේ පිහිටි නිවාස කිහිපයක් සහ නගරයේ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර, බදුල්ල, මහනුවර සහ හැටන් යන දෙසට දිවෙන ප්‍රධාන ගමනාගමන මාර්ගවලට ද මින් දැඩි බාධා එල්ල විය.​වර්ෂාවත් සමඟ නානුඔය ප්‍රදේශයේ ජල අපවහන පද්ධති අවහිර වීම නිසා ප්‍රධාන මාර්ගයට ජලය ගලා ඒමෙන් රථවාහන ධාවනයට, පදිකයින්ට මෙන්ම ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතුවලට ද බලපෑම් එල්ල වී ඇත. මීට අමතරව, ග්‍රෙගරි වැවේ ජල මට්ටම උපරිම ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් වැවේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබේ.​මේ අතර සීතා එළිය, සීතා අම්මාන් කෝවිල ආසන්නයෙන් ගලා බසින ඔයේ ජල මට්ටම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් පහත් බිම්වල පදිංචි පවුල්වලට දැඩි අවධානයෙන් හා සූදානමින් පසුවන ලෙස බලධාරීන් උපදෙස් ලබා දී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,397

Leave A Reply

Your email address will not be published. Required fields are marked *