බස්නාහිර පළාතේ පානීය සහ වෙනත් ජල අවශ්යතා සඳහා පවතින විකල්ප ජල මූලාශ්ර හඳුනාගෙන ඒවා කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා නව සැලැස්මක් සකස් කිරීමට පියවර ගෙන ඇත. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්රික්කවල පිහිටි ළිං, වැව්, දියකඳුරු සහ භූගත ජල මූලාශ්ර මේ සඳහා යොදාගැනීම කෙරෙහි අවධානය යොමුව තිබේ.නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව තීරණය කර ඇති අතර, ඊට පළාත් පාලන ආයතන 53 ක සභාපතිවරු සහභාගි වූහ. මෙමගින් හඳුනාගන්නා ජල මූලාශ්රවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමෙන් පසු ගෘහස්ථ, කෘෂිකාර්මික හා කර්මාන්ත අවශ්යතා සඳහා යොදාගැනීමටත්, ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ජල සම්පත තිරසාර ලෙස කළමනාකරණය කිරීමටත් අපේක්ෂිතය.



























