ලබන වසරේ අයවැය මගින් රාජ්‍ය සේවකයින්ට සහන ලබා නොදීමට විරෝධය පළ කරමින් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නොවැම්බර් 30 වැනිදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩවර්ජනයට වෛද්‍යවරුන් එක්වන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අනිද්දා (27) ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි. එදින රැස්වන මධ්‍යම කාරක සභාවේදී දිවයින පුරා ශාඛා සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර තීරණය කරන බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා සඳහන් කළේය. පෙරටුගාමී සමාජවාදී පක්ෂ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා, වෛද්‍යවරුන්ට රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ලැබුණු බව පවසමින් ගෙන යන ප්‍රචාර අසාධාරණ බවට චෝදනා කළේය.නොවැම්බර් 27 වැනිදාට පෙර රජයෙන් සාකච්ඡාවක් හෝ විසඳුමක් ලැබුණහොත් එය සුදුසු බව පැවසූ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා, සාමාන්‍ය රෝගීන්ට අපහසුතාවක් නොවන පරිදි රජයට බලපෑමක් කළ හැකි ක්‍රියාමාර්ගයක් ගැනීමට සංගමය අපේක්ෂා කරන බවද කියා සිටියේය.



























