නොවැම්බර් 30 වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාය

නොවැම්බර් 30 වැනිදා පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබෙනවා. අද (27) පෙරවරුවේ රැස්වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන තිබෙනවා.​වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආර්ථික ගැටලුවලට රජය නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මීට පෙර සඳහන් කර තිබුණා.

What's your reaction?

Related Posts

1 of 1,441

Leave A Reply

Your email address will not be published. Required fields are marked *