රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. මීට පෙර පසුගිය 09 වනදා පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද එදින පැමිණීමට නොහැකි වූ බැවින් අද දින පැමිණෙන බව මන්ත්‍රීවරයා දැනුම් දී තිබුණි.2022 සැප්තැම්බර් සිට 2024 සැප්තැම්බර් දක්වා කාලය තුළ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය සඳහා නිසි ක්‍රමවේදයෙන් බැහැරව බලපත්‍ර ලබාදීමට අමාත්‍යවරයාගේ එවකට හිටපු පෞද්ගලික ලේකම්වරයා හරහා මෙලෙස අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇත.
























