දිවයිනට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 48 ක කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතිය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කළද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇද හැලීමේ හැකියාවක් පවතී. මීට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. කාලගුණික විපර්යාස පිළිබඳ අවධානයෙන් සිටීම සහ ආරක්‍ෂිත පියවර අනුගමනය කිරීම මේ මොහොතේ අතිශය වැදගත් වේ.

























