බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඉදිරි පැය කිහිපය තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මීට අමතරව, වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ සෙසු ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති අතර, ඌව පළාතේ මෙන්ම අම්පාර, මඩකළපුව සහ මුලතිවු දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක දවල් 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.උතුරු-මැද, වයඹ, මධ්‍යම, සහ දකුණු පළාත්වලට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර ප්‍රදේශයේ තද සුළං ඇති විය හැකි බව වාර්තා වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදුවිය හැකි හානි වළළා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවට දන්වා සිටියි.



























