ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරියේදී වැසි සහ තද සුළං තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, පද්ධතිය දෙසට ඇදීයන සුළං ධාරා හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.​මෙහිදී ඇතැම් ස්ථාන වෙත මිලිමීටර් 100 ඉක්මවූ ප්‍රබල වර්ෂාපතනයක් පතිත වීමට ඉඩ ඇති බව සඳහන් වේ. එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු-මැද සහ වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර ප්‍රබල සුළං ඇතිවීමේ අවදානමක් පවතියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළංවලින් ආරක්ෂා වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,344

Leave A Reply

Your email address will not be published. Required fields are marked *