ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි සහ තද සුළං

දිවයින හරහා නිරිතදිග මෝසම් කාලගුණය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් ඉදිරි දිනවලදී නිරිතදිග කලාපයේ වැසි තත්ත්වයේ කැපී පෙනෙන වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මෙහිදී ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 කට ආසන්න ඉතා තද වර්ෂාපතනයන් ඇද හැලීමේ ඉඩකඩක් පවතී.​මීට අමතරව, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත් ඇතුළුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය දක්වාත් පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර වේගයකින් හමන තරමක තද සුළං බලාපොරොත්තු විය හැක. ඌව පළාත සහ අම්පාර, මඩකලපුව වැනි නැගෙනහිර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.​කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව ඇති විය හැකි දරුණු අකුණු අනතුරු සහ දැඩි සුළං තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව සූදානම සහ පියවර ගන්නා ලෙසයි.

What's your reaction?

Related Posts

1 of 1,158

Leave A Reply

Your email address will not be published. Required fields are marked *