මධ්යම පළාතේ පාතහේවාහැට ප්රාදේශීය සභාවට එල්ල වී ඇති විවිධ අක්රමිකතා චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වනු පිණිස, එම සභාවේ කටයුතු ඊයේ (19) සිට ක්රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා ඇති බව මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා ප්රකාශ කර ඇත. සමගි ජන බලවේගය (SJB) යටතේ පාලනය වූ මෙම ප්රාදේශීය සභාවට අදාළව මෙම පියවර ගෙන තිබේ.



























