පාන් මිල රුපියල් 10 කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 ක සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. අද (31) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා මේ බව නිවේදනය කළේය.​මෙම මිල වැඩිවීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ තිරිඟු පිටි මිල ඉහළ යෑමයි. ඒ අනුව, තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17 කින් ඉහළ දමා ඇති බැවින්, නිෂ්පාදන පිරිවැය පවත්වාගෙන යාම සඳහා පාන් මිල මෙමෙ ලෙස ඉහළ නැංවීමට සිදුවූ බව බේකරි හිමියන් පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,309

Leave A Reply

Your email address will not be published. Required fields are marked *