සුරේශ් සලේට සිදුවූ බව කියන සිදුවීම ගැන උදය ගම්මන්පිලගෙන් චෝදනා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී සුරේශ් සලේ මහතාට වධ හිංසා පමුණුවා ඇත්තේ, එම දර්ශන කොටි හිතවාදීන්ට අලෙවි කිරීමේ අරමුණින් විය හැකි බවට තමන් සැක කරන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. වෙනත් රැඳවියන්ට සිදු නොවන ආකාරයේ වධ හිංසාවන්ට ඔහුව ලක් කර තිබෙන්නේ, මැතිවරණවලදී සහය ලබා දුන් පාර්ශවවලට කළගුණ සැලකීමේ අරමුණින් දැයි ඔහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටී.​සුරේශ් සලේ මහතා වධ බන්ධනයට ලක්ව ඇති බව තමන් මුලින්ම හෙළි කළ අවස්ථාවේදී පොලිසිය විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය හමුවක් පැවැත්වූ බව ගම්මන්පිල මහතා සිහිපත් කරයි. කෙසේ වෙතත්, මේ වන විට තමන් පැවසූ කරුණු සත්‍ය බව තහවුරු වී ඇතැයි පවසන හිටපු අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් පොලිසිය තමන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව අවධාරණය කරයි.​එම ඉල්ලීම ඉටු නොකරන්නේ නම්, සතියක් ඇතුළත රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා පොලිසියට එරෙහිව නඩු පවරන බවට ඔහු අනතුරු අඟවා ඇත. රාජකාරිමය වශයෙන් සහ නෛතික වශයෙන් සිදුවිය යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින හිටපු අමාත්‍යවරයා මෙලෙස කරුණු දක්වා තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,195

Leave A Reply

Your email address will not be published. Required fields are marked *