ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නැංවීමට යෝජනාවක්.

ඉන්ධන මිළ ඉහළ යාමට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කළ යුතු බව ජාතික එක්සත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව දැනට පවතින ගාස්තු සංශෝධනය කරමින් පළමු කිලෝමීටරය සඳහා අයකරන ගාස්තුව රුපියල් 110 සිට රුපියල් 120 දක්වාත්, දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 90 සිට රුපියල් 100 දක්වාත් ඉහළ දැමීමට සංගමය යෝජනා කරයි.​මේ පිළිබඳ නිල යෝජනාව ඉදිරි දින කිහිපය ඇතුළත ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත භාරදීමට කටයුතු කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,403

Leave A Reply

Your email address will not be published. Required fields are marked *