පාස්කු ප්‍රහාර නඩු තීන්දුව: විත්තිකරුවන් 15 දෙනකු වරදකරුවන්, 9 දෙනකු නිදහස්

කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර නඩුවට අදාළ තීන්දුව අද ප්‍රකාශයට පත් කරනු ලැබීය. සභාපති විනිසුරු නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දු ලබා දීම සිදු කරන ලදී.පැමිණිල්ල විසින් ගොනු කරන ලද සියලු චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට සමත් වී ඇති බව තීරණය කළ අධිකරණය, නඩුවේ පළමු සැකකරු වන නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනකු සියලු චෝදනාවලට වරදකරුවන් කළේය. ඒ අනුව 01, 02, 03, 04, 05, 06, 07, 08, 09, 10 (එක් චෝදනාවක් හැර), 11, 15, 16, 18 සහ 19 යන විත්තිකරුවන් මෙලෙස වරදකරුවන්ට ලක් විය.කෙසේ වෙතත්, චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වීම හේතුවෙන් 12, 13, 14, 17, 20, 21, 23, 24 සහ 25 යන විත්තිකරුවන් 09 දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරිණි. අනතුරුව, වරදකරුවන් වූ අයට දඬුවම් නියම කිරීම සඳහා නඩු කටයුතු කෙටි වේලාවකට කල් තබන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,344

Leave A Reply

Your email address will not be published. Required fields are marked *