දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 36 තුළදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ දැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් දැනට පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපය පුරාම තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර දිවයින පුරා විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් බලපාන පරිදි මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ අවදානමක් පවතී. පවතින වායුගෝලීය පීඩනයත් සමඟ වැසි තත්ත්වය දිවයිනේ ප්‍රදේශ රැසකට තදින් බලපානු ඇති බව සඳහන් වේ.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් මහජනතාවට දැනුම් දෙනු ලැබේ. කාලගුණික වෙනස්වීම් හමුවේ එදිනෙදා කටයුතු සැලසුම් කිරීමේදී වඩාත් විමසිලිමත් වීම වැදගත් වේ.

























