පැල්වෙහෙරදී සිදු වූ බස් අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති ජීවිතක්ෂයට

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ බස් රථ අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා මියගොස් තිබේ. ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක වේගය පාලනය කරගත නොහැකි වීමෙන්, එය ප්‍රතිවිරුද්ධ මංතීරුවට පැන විදුහල්පතිවරයා පැදවූ මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටී ඇත.​මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි දෙදරු පියෙකු වන ජානක විජේසිංහ මහතාය. ගැටීමෙන් පසු පාලනයෙන් ගිලිහුණු බස් රථය මාර්ගය අසල නවතා තිබූ තවත් මෝටර් රථයක සහ අවන්හලකද ගැටී ඇත. බරපතළ තුවාල ලැබූ විදුහල්පතිවරයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි අතර, බස් රථයේ ගමන් කළ තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,337

Leave A Reply

Your email address will not be published. Required fields are marked *