පිරිවෙන් සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි

2025 වර්ෂයට අදාළව පවත්වන ලද පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට විවෘත කර ඇත. ඒ අනුව 2026 අප්‍රේල් 30 වනදා සිට මැයි මස 21 වනදා දක්වා කාලය තුළ පීළිගත හැකි සාධාරණ හේතු මත සිය ප්‍රතිඵල පිළිබඳ සැකයක් පවතින සිසුන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය. මෙවර අයදුම්පත් භාරගැනීම සිදුකරනු ලබන්නේ මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් බව විභාග දෙපාර්තමේන්තුව විශේෂයෙන් අවධාරණය කර සිටියි.​අයදුම්පත් යොමු කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමට හෝ ඔවුන්ගේ නිල ජංගම දුරකථන යෙදවුම (Mobile App) භාවිතා කිරීමට අවස්ථාව සලසා දී ඇත. නියමිත කාලසීමාවෙන් පසුව ඉදිරිපත් කරන කිසිදු අයදුම්පතක් සලකා නොබලන බැවින්, දක්වා ඇති දින වකවානු තුළ නිවැරදිව දත්ත ඇතුළත් කර තම අයදුම්පත් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි. මේ පිළිබඳ වැඩිදුර විස්තර දෙපාර්තමේන්තුවේ නිල නිවේදන මගින් ලබාගත හැකිය.

What's your reaction?

Related Posts

1 of 1,128

Leave A Reply

Your email address will not be published. Required fields are marked *