පිළියන්දලදී පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක්: සැකකරු වෙඩි තබා අත්අඩංගුවට

පිළියන්දල, බෝකුන්දර වීරසිංහ මාවතේදී රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දුන් සැකකරුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ. බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පහරදීමක් සිදුකර පලා යමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මාර්ග බාධක යොදා මෙහෙයුමක් දියත් කළ අවස්ථාවේදී මෙම සිද්ධිය වාර්තා විය. අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරගම, වීදියගොඩ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.​පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් ගමන් කළ යතුරුපැදිය නතර කිරීමට උත්සාහ කළ අවස්ථාවේ, එහි පසුපැදිකරු තියුණු ආයුධයකින් පහරදීම නිසා පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලැබීය. සිය ආරක්ෂාව සහ රාජකාරිය වෙනුවෙන් එම නිලධාරියා සැකකරු ඉලක්ක කර වෙඩි තැබූ අතර, වෙඩි ප්‍රහාරය සැකකරුගේ ඉණ ප්‍රදේශයට එල්ලවීමත් සමඟ ඔහු බිම ඇද වැටුණි. එම අවස්ථාවේදී යතුරුපැදිය පැදවූ අනෙක් පුද්ගලයා පලා යාමට සමත් වී තිබේ.​සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා, වෙඩි වැදුණු සැකකරු සහ මුල් ප්‍රහාරයට ලක්වූ නිවැසි තරුණිය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙමින් සිටී. පලාගිය අනෙකුත් සැකකරුවන් සොයා පිළියන්දල සහ බොරලැස්ගමුව පොලිස් ස්ථාන මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එරෙහිව සිදුවන මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට දැඩි පියවර ගන්නා බව පොලීසිය පවසයි.

What's your reaction?

Related Posts

1 of 1,243

Leave A Reply

Your email address will not be published. Required fields are marked *