පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි​පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි දෛනික කටයුතුවලට බාධා එල්ල වී තිබේ. මෙම පද්ධති බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික අලුත්වැඩියා කටයුතු මේ වන විටත් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිල වශයෙන් දන්වා සිටියි.​පවතින මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට (17) දින බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා පිහිටි සියලුම පළාත් කාර්යාලවල මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව දැනුම් දෙයි. මෙහිදී එක්දින සේවාව ඇතුළු අනෙකුත් සියලුම ලේඛන නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතර කර ඇති බව අවධාරණය කෙරේ.​සේවා ලබාගැනීමට පැමිණෙන මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව දෙපාර්තමේන්තුව සිය කනගාටුව පළ කර සිටින අතර, පද්ධතිය යථා තත්ත්වයට පත් වූ වහාම සේවාවන් නැවත ආරම්භ කරන දිනය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය. එබැවින් හෙට දින කාර්යාල වෙත පැමිණීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,178

Leave A Reply

Your email address will not be published. Required fields are marked *