නීතිවිරෝධී ලෙස පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ. කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත ඊයේ (19) සවස මෙම වැටලීම සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.එහිදී සැකකරුවන් සන්තකයේ තිබී නීතිවිරෝධී කැණීම් සඳහා භාවිතා කළ උපකරණද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් මුන්දලම, උකුවෙල, දුම්මලසූරිය, පිළියන්දල, යාපනය, මාදම්පේ සහ කෙසෙල්වත්ත යන විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අවුරුදු 32ත් 58ත් අතර වයස්වල පසුවන්නන් වෙති.සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවමින් පවතී.



























