තාවකාලිකව අඩාල වී තිබූ පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනය කර ඇත. මේ සමඟම පුරවැසියන්ට කිසිදු බාධාවකින් තොරව පෙර පරිදිම අදාළ වාර්තා සඳහා ඔන්ලයින් ක්‍රමවේදය හරහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව හිමිවී තිබේ.මීට පෙර පද්ධතියේ ගැටලු පැවති සමයේදී අයදුම්කරුවන්ට පහසුකම් සැලසීම පිණිස [email protected] විද්‍යුත් ලිපිනය ඔස්සේ තාවකාලික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබුණි. එලෙස තාවකාලික ක්‍රමය හරහා ලියාපදිංචි වූ සියලුම දෙනාට, දැන් පද්ධතිය ක්‍රියාත්මක වන බැවින් නීත්‍යානුකූල ගෙවීම් සිදු කර නිල මාර්ගගත ක්‍රමය හරහා යළිත් අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.



























