මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණයෙන් ඇප

ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් කාන්තාවකට ගිනිඅවියක් පෙන්වා තර්ජනය කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත මුදා හැරීමට මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය. පසුගිය 27 වනදා අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය මීට පෙර නියම කර තිබුණි.​මෙම සිදුවීමට පාදක වී ඇත්තේ පසුගිය 25 වනදා යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පුද්ගලික ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකි. එහිදී මන්ත්‍රීවරයා විසින් කාන්තාවකට මරණීය තර්ජනය එල්ල කළ බවට ලද පැමිණිල්ලකට අනුව ඉලවාලෙයි පොලිසිය විසින් විමර්ශන පවත්වා ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.​අද දින නඩුව යළි කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකාර මන්ත්‍රීවරයාව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට තීරණය කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ඉදිරියටත් සිදුවනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,118

Leave A Reply

Your email address will not be published. Required fields are marked *