මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු පියවරක් හේතුවෙන් මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අයත් කලාප කිහිපයකට ඉදිරි දිනකදී පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව හෙට (27 වැනිදා) පස්වරු 7.00 සිට පසුදින (28 වැනිදා) පෙරවරු 7.00 දක්වා මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට නියමිතය.​අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා පවතින ජලනළ පද්ධති වෙනත් ස්ථාන කරා විතැන් කිරීමට සිදුවීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බව එම මණ්ඩලය පවසයි. මේ නිසා පීඩාවට පත්වන ජල පාරිභෝගිකයින්ගෙන් සිදුවන අපහසුතාවය පිළිබඳව කනගාටුව පළ කරන ජල සම්පාදන මණ්ඩලය, අදාළ කාලය සඳහා අවශ්‍ය ජලය කලින්ම රැස්කර තබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,159

Leave A Reply

Your email address will not be published. Required fields are marked *