කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙදෙනා අද (12) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම පිරිස කොටුවූ අතර, ඔවුන් සන්තකයේ තිබූ ගමන්මලු පරීක්ෂා කිරීමේදී කිලෝග්‍රෑම් 110කට අධික කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට නිලධාරීහු සමත් වූහ.පොලිස් විමර්ශනවලදී හෙළි වූයේ මෙම සැකකාර චීවරධාරීන් එක් අයෙකුගේ ගමන්මල්ලක කිලෝග්‍රෑම් 05කට ආසන්න මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සඟවා තිබූ බවයි. මීට අමතරව, මොවුන් තායිලන්තයේ රැඳී සිටි කාලය තුළ ගිහි ඇඳුමින් සැරසී විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන රැසක් සැකකරුවන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වී තිබේ.මීට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලැබුණු රැඳවුම් නියෝග මත මෙම පිරිසගෙන් දීර්ඝලෙස ප්‍රශ්න කිරීම් සිදු කෙරිණි. එම ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් තොරතුරු ද සහිතව සැකකරුවන් අද දින යළිත් අධිකරණය හමුවට පමුණුවනු ලැබුවේ මෙම ජාවාරමේ සුලමුල සෙවීමේ ඉදිරි නීතිමය පියවරයන් සඳහායි.

























