ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය විසින් එක්දින ප්රතිපත්ති පොලී අනුපාතය 8.75% මට්ටමේම තවදුරටත් රඳවා ගැනීමට තීරණය කර ඇත. ගෝලීය හා දේශීය ආර්ථික තත්ත්වයන් මෙන්ම ඉදිරි අවදානම් සාධකද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.මේ වසරේ පළමු අර්ධයේදී ආර්ථිකය 4.7%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, අගෝස්තු මාසයේදී උද්ධමනය 8% දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, දළ නිල විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා වර්ධනය වී ඇති බව මහ බැංකුව පවසයි.



























