මැදපෙරදිග උණුසුම මැද බොරතෙල් මිල තියුණු ලෙස ඉහළට

මැදපෙරදිග කලාපයේ පවතින දේශපාලනික නොසන්සුන්තාවය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (29) දිනයේත් සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. විශේෂයෙන්ම එක්සත් ජනපදය හා ඉරානය අතර වර්ධනය වන රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් ඉවත් වීමේ සූදානම මෙම මිල උච්චාවචනයට සෘජුවම බලපා ඇත. මේ අනුව, WTI බොරතෙල් මිල 3.61% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 103.54 ක් වූ අතර, බ්‍රෙන්ට් බොරතෙල් මිල 3.22% ක අගයකින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 114.84 ක් දක්වා ඉහළ ගොස් තිබේ.​බලශක්ති වෙළඳපොළ මෙලෙස උණුසුම් වන විට අනෙකුත් වෙළඳ භාණ්ඩ මිල ගණන්හි විවිධ වෙනස්කම් දක්නට ලැබුණි. රත්‍රන් මිල 0.76% ක සුළු පහත වැටීමක් පෙන්වමින් අවුන්සයක් ඩොලර් 4,573.60 ක් ලෙස සටහන් වූ අතර, බඩඉරිඟු මිලෙහි 0.26% ක මද ඉහළ යාමක් වාර්තා විය. මැදපෙරදිග පවතින මෙම අර්බුදකාරී වාතාවරණය තවදුරටත් දිග්ගැස්සුණහොත්, ගෝලීය බලශක්ති පිරිවැය තවත් ඉහළ යනු ඇති බවට ආර්ථික විශේෂඥයෝ අනාවැකි පළ කරති.

What's your reaction?

Related Posts

1 of 740

Leave A Reply

Your email address will not be published. Required fields are marked *