මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසැල්වලට එරෙහිව විශේෂ වැටලීම්

භාණ්ඩවල මිල ගණන් පැහැදිලිව ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු පාරිභෝගික ආරක්ෂණ නීති කඩ කළ ආයතන සොයා දිවයින පුරා විශේෂ වැටලීම් 200කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඔක්තෝබර් 20 සිට 24 දක්වා දිස්ත්‍රික්ක රැසක් ආවරණය වන පරිදි මෙම හදිසි පරීක්ෂා කිරීම් සිදුකර ඇත.​මෙහිදී සහල්, සීනි, පරිප්පු, එළවළු, පලතුරු මෙන්ම රෙදිපිළි සහ විදුලි උපකරණ අලෙවි කරන වෙළෙඳසැල් රැසක් පරීක්ෂාවට ලක් කර තිබේ. නීති උල්ලංඝනය කළ ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට ද කටයුතු යොදා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,395

Leave A Reply

Your email address will not be published. Required fields are marked *