මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා OPEC අරමුදලෙන් ඩොලර් මිලියන 30ක ණයක්

​ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණ සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන් ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ OPEC අරමුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 30ක ප්‍රතිපත්ති පාදක ණයක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.​මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේ ඩොලර් මිලියන 24ක් සහ විශේෂ ප්‍රාග්ධන සම්පත් යටතේ ඩොලර් මිලියන 6ක් වශයෙන් මෙම ණය මුදල හිමිවීමට නියමිතය.​සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ රාජ්‍ය මූල්‍ය තිරසරභාවය ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳ ධනාත්මක ඇගයීමකින් පසු OPEC අරමුදල මීට එකඟ වී ඇති අතර, ලෝක බැංකුව මගින් සපයන මූල්‍ය ආධාරවලට සමගාමීව මෙම ණය පහසුකම ලබා දෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,437

Leave A Reply

Your email address will not be published. Required fields are marked *