දිවයින පුරා නිරිත දිග මෝසම් දේශගුණික තත්ත්වය ක්‍රමයෙන් සක්‍රීය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් ඇතුළුව ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවලට විටින් විට ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක. විශේෂයෙන් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.මීට අමතරව, උතුරු පළාත, අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, ඌව පළාත ඇතුළු මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට මෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර වේගයකින් හමන තරමක තද සුළං ද ඇතිවිය හැකි බව වාර්තා වේ.පවතින කාලගුණික විපර්යාසයන් සමඟ ඇතිවිය හැකි දැඩි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළංවලින් සිදුවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

























