හිටපු අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් 4ක් සහ සුඛෝපභෝගී වාහන කිහිපයක් අත්හිටුවීමට පියවර ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද (30) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය. සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම වෙනුවෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියකට අදාළව, 2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත යටතේ මෙම නීතිමය පියවර ගෙන ඇත.මෙම නඩුවේ පළමු සැකකරු වන චරිත් අබේසිංහට අයත් සුඛෝපභෝගී නිවසක් සහ තෙවැනි සැකකරුගේ ඥාතීන්ට අයත් වාහන දෙකක් තහනම් කිරීමට ද පියවර ගන්නා බව කොමිසම මෙහිදී සඳහන් කළේය. අදාළ වාර්තා පැය 72ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට දැනුම් දුන් මහේස්ත්රාත්වරයා, නඩුවේ ප්රගතිය විමසීම සඳහා එය දෙසැම්බර් 08 වනදා දක්වා කල් තැබීය.



























