මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් පිළිබඳ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ, අභාවප්‍රාප්ත රංග නිෂාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණයේ විවෘත තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජූලි මස 31 වනදා දක්වා කල් දමා තිබේ.කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා මෙම නියෝගය නිකුත් කරමින් පොලිසියට දැනුම් දුන්නේ, මෙම මරණය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කළ යුතු පැති පවතී නම් ඒවා කඩිනමින් අවසන් කර අදාළ වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.මෙම අධිකරණ ක්‍රියාවලියට අදාළව සාක්ෂි මෙහෙයවීම වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් සිදු කරන ලද අතර, ඒ වෙනුවෙන් ඔහු ද එදින අධිකරණය හමුවේ පෙනී සිටියේය.



























