නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන මහත්වරුන් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. සැකකරුවන් තිදෙනා අද පෙරවරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.අදාළ නඩුව සලකා බැලීමෙන් අනතුරුව, සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි 28 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රියාමාර්ග එදින තවදුරටත් අධිකරණයේදී විමර්ශනය කෙරෙනු ඇත.























