මෙම මස අවසානයේදී සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී මිලෙහි සැලකිය යුතු වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමරගේ මහතා ප්‍රකාශ කරයි. අද (17) උදෑසන මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර, දැනට රට තුළ දින තිහකට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් පවතින බවත් ඔහු වැඩිදුරටත් තහවුරු කළේය.එමෙන්ම, ඉන්ධන නිකුත් කිරීම සඳහා දැනට භාවිත කරන QR කේත ක්‍රමවේදය ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවද කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. හදිසි අවස්ථාවකදී හෝ යුධමය වාතාවරණයක් වැනි තත්ත්වයක් යටතේ ඉන්ධන පිරවුම්හල් අසල ඇති විය හැකි පෝලිම් පාලනය කරමින් මහජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව ඔහු වැඩිදුරටත් පැවසීය.























