රජය විසින් ‘ධර්මාධිකරණයක්’ පිහිටුවීමට දරන උත්සාහය ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හිටපු මැති ඇමතිවරුන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලය පවතින්නේ ‘සංඝාධිකරණයකට’ පමණක් බැවින් මෙවැනි පියවරකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කරනු ඇති බවයි. මීට පෙර විජේදාස රාජපක්ෂ මහතා ද කෙටුම්පතක් සකස් කළේ සංඝාධිකරණයක් සඳහා මිස ධර්මාධිකරණයක් වෙනුවෙන් නොවන බව ඔහු සිහිපත් කළේය.මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීම මත මෙය සිදුකරන බව රජය ප්‍රකාශ කළ ද, කාරක සංඝ සභාවල නාහිමිවරුන් එවැනි විනය ප්‍රශ්න සාකච්ඡා කර නොමැති බව මෙහිදී අනාවරණය විය. රජයේ සංකල්ප පත්‍රිකාවක් තමන්ට පිළිගන්නා ලෙස දන්වා ඇති බව නාහිමිවරුන් ප්‍රකාශ කර ඇති අතර, පැහැදිලි චෝදනා පත්‍රයක් පවා නොමැතිව පල්ලේගම හිමියන් තනතුරුවලින් ඉවත් කිරීම ද මෙම සාකච්ඡාවේදී දැඩි විවේචනයට ලක්ව ඇත.වත්මන් පාලකයන්ගේ සැබෑ අරමුණ ආගමික කටයුතු රජයේ පාලනයට නතු කර ගැනීම බවත්, ඔවුන් බුදුදහම පිළිබඳ නිසි වැටහීමක් නොමැතිව කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිවරයා කනගාටුවෙන් යුතුව සඳහන් කළේය. මීට අමතරව, ගතවූ සිංහල අවුරුදු සහ වෙසක් උත්සව සමයන්හි රට තුළ නිසි උත්සව සිරියක් දැකගත නොහැකි වූ බව පෙන්වා දුන් සාකච්ඡාවට පැමිණි පිරිස, ඉදිරි පොසොන් උත්සවයට රජය කුමන ආකාරයෙන් බලපෑම් කරනු ඇතිදැයි සැකයක් පවතින බව ද ප්‍රකාශ කළහ.



























