ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වැනි ශ්‍රේණියට නවකයන් බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය හෙට (ජුනි 07) දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථානවලදී පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර තිබේ.මෙම විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සඳහා වන ප්‍රවේශ පත්‍ර මේ වන විටත් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත නිකුත් කර ඇත. ඒ අනුව, මෙතෙක් ප්‍රවේශ පත්‍ර ලබා නොගත් අපේක්ෂකයින්ට වෙබ් අඩවියට පිවිස ඒවා බාගත කරගැනීමේ හැකියාව පවතී.



























