ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් ආශ්‍රිතව විරෝධතා ව්‍යාපාර මාලාවක් සංවිධානය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇත. වැටුප් හා දීමනා ගැටලු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින කාර්ය මණ්ඩල ඌනතාවය මුල්කරගනිමින් මෙම පියවර ගෙන තිබේ.නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති බරපතල අර්බුද සහ වෛද්‍යවරුන්ගේ නිරාකරණය නොවූ ගැටලු කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කරවීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.පසුගිය ආර්ථික අර්බුද සමයේදී රාජ්‍ය ආර්ථික පියවරයන්ට සහාය පළ කරමින් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් සිය අතිරේක සේවා සහ නිවාඩු දීමනාවලින් තුනෙන් එකක් පරිත්‍යාග කරමින් විශාල කැපකිරීමක් සිදුකළ බව ද එම සංගමය පෙන්වා දෙයි.කෙසේ වෙතත්, වත්මන් තත්ත්වය හමුවේ වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් සහ සෞඛ්‍ය පද්ධතියේ පැවැත්ම වෙනුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොමු වීමට සිදුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.



























